Anglo Zansibar war

විනාඩි 38ක යුද්ධය
1896 අගෝස්තු 27 වැනිදා උදේ වරුවේ ලෝක ඉතිහාසයේ වාර්තාගත කෙටිම යුද්ධය සිද්ධ වුණා. මේක කොච්චර කෙටිද කියනවා නම්, යුද්ධයක් පටන් ගත්තා කියලා මිනිස්සුන්ට දැනෙන්නත් කලින් ඒක ඉවර වෙලා තුබුනේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ සැන්සිබාර් සුල්තාන් රාජ්‍යය අතර ඇතිවුනු මේ යුද්ධය ඇන්ග්ලෝ-සැන්සිබාර් යුද්ධය විදියට තමයි මේක නම් කරලා තියෙන්නේ.
පසුබිම
19 වැනි සියවසේ අගභාගය වෙනකොට අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් පිහිටි සැන්සිබාර් දූපත බ්‍රිතාන්‍යයන්ට ගොඩක් වැදගත් තැනක් වුණා. ඒ වගේම මේ දූපතේ පාලනය ගැන බ්‍රිතාන්‍යයන්ට ලොකු බලයකුත් තිබුණා.
ඒ කාලේ හිටපු, බ්‍රිතාන්‍යයන්ට හිතවත් හමාඩ් බින් තුවයිනි සුල්තාන්වරයා හදිසියේම මියගියා. ඒත් එක්කම එයාගේ ඥාති සහෝදරයෙක් වුණු කාලිඩ් බින් බර්ගාෂ් බ්‍රිතාන්‍ය අවසරයක් නැතුව බලහත්කාරයෙන් රජමාළිගාව අල්ලගෙන තමන් තමයි අලුත් සුල්තාන් කියලා ප්‍රකාශ කළා. මේක කලින් ඇති කරගෙන තිබුණු ගිවිසුම්වලට පටහැනි වැඩක්.
ඉතින් බ්‍රිතාන්‍යයන් වහාම නියෝග කළා කාලිඩ්ට අයින් වෙන්න කියලා. ඒත් කාලිඩ් ඒකට කැමති වුණේ නැහැ.
අවසන් නිවේදනය
මේ හේතුව නිසා බ්‍රිතාන්‍යයන් අවසන් නිවේදනයක් දුන්නා: ඒ අගෝඅස්තු 27 වෙනිදා උදේ 9 වෙද්දී තමන්ගේ කොඩිය පහත් කරලා සමකාමීව යටත්වෙන්න කියලා.
වෙලාව ළං වෙද්දී බ්‍රිතාන්‍ය යුද නැව් සැන්සිබාර් වරායට ඇවිත් ලෑස්ති වුණා. ලොකු පීඩනයක් ඇති වුණත් කාලිඩ් යටත් වුණේ නැහැ.
යුද්ධය පටන් ගැනීම
හරියටම උදේ 9:02 ට බ්‍රිතාන්‍ය නැව්වලින් රජමාළිගාවට වෙඩි තියන්න පටන් ගත්තා.
ප්‍රහාරය හරිම දරුණුයි. ලීවලින් හදලා තිබුණු රජමාළිගාව විනාඩි කිහිපයකින් විනාශ වෙලා ගියා. සැන්සිබාර් හමුදාව ළඟ තිබුණේ පරණ අවිආයුධ නිසා ඔවුන්ට මේ ප්‍රහාරයට ඔරොත්තු දෙන්න බැරි වුණා. ඔවුන්ගේ එකම නැව විනාඩි කිහිපයකින් ගිලුණා.
උදේ 9:40 වෙනකොට සුල්තාන්ගේ කොඩිය බිමට වැටුණා.
මුළු යුද්ධයම විනාඩි 38 යි.
ප්‍රතිඵලය
සැන්සිබාර් රාජ්‍යය පැත්තෙන් මියගිය සහ තුවාල ලබපු පිරිස 500ක්
බ්‍රිතාන්‍ය පැත්තෙන් තුවාල වුණේ එක නාවිකයෙක්ට විතරයි.
කාලිඩ් රජමාළිගාවෙන් පැනලා ගිහින් ජර්මන් නැගෙනහිර අප්‍රිකාවට පලා ගියා.
බ්‍රිතාන්‍යයන් තමන්ට ඕන විදිහට අලුත් පාලකයෙක් පත් කරලා දූපතේ බලය තහවුරු කරගත්තා.
මේ යුද්ධය වැදගත් ඇයි?
මේ යුද්ධය හරිම කෙටි වුණත්, ඒ කාලේ තිබුණු අධිරාජ්‍යවාදී බලය සහ තාක්ෂණය ගැන ලොකු පාඩමක් ඉගැන්නුවා. යුද්ධයක් කියන්නේ හැමදාම ලොකු කාලයක් යන සංකීර්ණ දෙයක් නෙවෙයි කියලා මේකෙන් ඔප්පු වුණා. සමහර වෙලාවට ඉතිහාසය තීරණය වෙන්න විනාඩි කිහිපයක් ඇති.
අදටත් ලෝකයේ කෙටිම යුද්ධය විදිහට ගිනස් වාර්තාව තියෙන්නේ මේ "විනාඩි 38ක" යුද්ධයට. හරියට පෑඅ පාසලක කාල පරිච්ඡේදයක් වගේ.
Everything here is free
No subscription, no paywall. A free account only saves what you have read.
Create a free account