BIC Cristal

ලෝකයට ලිවීම හුරු කළ සරල පෑන
ඔබ ලෝකයේ කොතැනක සිටියත්, මොහොතක් වටපිට බැලුවොත් ඔබට අනිවාර්යයෙන්ම BIC Cristal පෑනක් සොයාගැනීමට හැකි වනු ඇත. 1950 වසරේදී වෙළඳපොළට ආ මේ සරල පෑන, අද වන විට බිලියන 100කට වඩා අලෙවි වී හමාරයි. තවමත් දිනකට මෙම පෑන් මිලියන 14ක් ලොව පුරා අලෙවි වෙනවා!
වසර 70ක් තිස්සේ වෙනස් නොවූ මේ සරල නිර්මාණය මෙතරම් සාර්ථක වුණේ කොහොමද? අකුරු ලිවීමේ කලාව වෙනස් කරමින් ලෝකයේ සාක්ෂරතාවයෙන් ඉහළ නංවන්න මේ පොඩි පෑන උදව් වුණේ කොහොමද? අපි ඒ අපූරු කතාව ගැන අද සොයා බලමු.
අද කාලේ වගේ පෑනක් අතට ගත්ත ගමන් ලියන්න එදා ලේසි වුණේ නැහැ. බෝල්පොයින්ට් පෑන එන්න කලින් තිබුණේ 'පිහාටු පෑන්' (Quills) සහ 'ෆවුන්ටන් පෑන්' (Fountain Pens).පිහාටු පෑන් නිතර නිතර තීන්ත බෝතලයේ එබිය යුතු වුණා. මේ තීන්ත වේලෙන්න ගොඩක් වෙලා යනවා වගේම හැලෙන නිසා ඇඳුම්වලත් ගෑවෙනවා. එදා ෆවුන්ටන් පෑනක මිල අද කාලේ හැටියට රුපියල් 45,000කට ($150) වැඩි වුණා. ඒක සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස සැලකුණේ. මේ නිසා එදා සාක්ෂරතාවය තිබුණේ ලෝකයේ ජනගහනයෙන් 20%කට වගේ සුළු පිරිසකට පමණයි.
මුලින්ම බෝල්පොයින්ට් පෑනක් ගැන අදහස ආවේ ජෝන් ලාවුඩ්ටයි. ඔහු පෑනක තුඩට කුඩා බෝලයක් සවි කළා. නමුත් ඔහුගේ පෑන කඩදාසි මත ලිවීමට සුදුසු වුණේ නැහැ.
පසුව 1930 ගණන් වලදී හංගේරියානු ජාතික ලාස්ලෝ බීරෝ (László Bíró) මෙයට විසඳුමක් සෙව්වා. ඔහු තේරුම් ගත්තා ප්රශ්නය තියෙන්නේ පෑනේ නෙවෙයි 'තීන්ත' වල කියලා. ඔහු පුවත්පත් මුද්‍රණයට ගන්නා ඝන තීන්ත වර්ගයක් පාවිච්චි කළා. මෙය කේශාකර්ෂණය (Capillary Action) හරහා ගුරුත්වාකර්ෂණය නැතත් ඕනෑම අතකට පෑන අල්ලන විට තීන්ත තුඩට ගලා ඒමට සැලැස්වූවා.
නමුත් බීරෝගේ පෑනත් සාමාන්‍ය මිනිසුන්ට මිලදී ගන්න බැරි තරම් මිල අධික වුණා.
ප්‍රංශ ජාතික මාසෙල් බික් (Marcel Bich) බීරෝගේ පේටන්ට් බලපත්‍රය මිලදී ගෙන, එය ඉතා අඩු මිලට මහා පරිමාණයෙන් නිපදවන්න ක්‍රමයක් හෙව්වා.
ඔහු ස්විස් ඔරලෝසු හදන යන්ත්‍ර පාවිච්චි කරලා මිලිමීටරයකින් දහයෙන් පංගුවක නිරවද්‍යතාවයෙන් යුත් කුඩා බෝල නිපදවූවා.මිල අධික ලෝහ වෙනුවට ඒ දවස්වල අලුතින් සොයාගෙන තිබූ ප්ලාස්ටික් පාවිච්චි කළා.තම වාසගම වන 'Bich' යන්න ලෝකයටම උච්චාරණය කිරීමට ලේසි වන පරිදි 'h' අකුර හලා BIC ලෙස සන්නාමය නම් කළා.
මේ පෑනේ හැම කොටසකම විද්‍යාත්මක හේතුවක් තිබෙනවා.
ෂඩාස්රාකාර හැඩය: මේ නිසා පෑන මේසයෙන් පෙරළී වැටෙන්නේ නැහැ, අල්ලන්නත් ලේසියි.
විනිවිද පෙනෙන බඳ: ඇතුළේ තීන්ත කොපමණ තිබේදැයි පහසුවෙන් බලාගන්න පුළුවන්.
බඳෙහි ඇති කුඩා සිදුර: පෑන ඇතුළේ වායු පීඩනය සමාන කරන්න මේ සිදුර උදව් වෙනවා. නැත්නම් තීන්ත එළියට එන්නේ නැහැ.
මල නොබැඳෙන වානේ බෝලය: ඉතා සිනිඳුවට ලිවීමටත්, පාවිච්චි නොකරන විට තීන්ත වේලීම වැළැක්වීමටත් මෙය උදව් වෙනවා.
1950දී BIC Cristal පෑනක් වෙළඳපොළට ආවේ රුපියල් 600ක ($2) වගේ ඉතා අඩු මිලකට. මෙය ඉතිහාසය වෙනස් කළා.
ලෝකයේ සාක්ෂරතාවය 20%-35% මට්ටමේ සිට අද වන විට 90% දක්වා ඉහළ යාමට මෙම ලාභදායී, විශ්වාසවන්ත පෑන සෘජුවම දායක වුණා.
ලිවීම සුඛෝපභෝගී දෙයක් නොවී සාමාන්‍ය මිනිසාගේ අයිතියක් බවට පත් කළේ BIC Cristal පෑනයි. අද ඔබ අතේ තියෙන මේ සරල පෑන පිටුපස මෙච්චර ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා මීට කලින් හිතුණද?
ඔබත් තවමත් BIC පෑනක් පාවිච්චි කරනවාද? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න! 👇
Everything here is free
No subscription, no paywall. A free account only saves what you have read.
Create a free account