Back to articles
Smart Learning Techniques3 Sept 2026 · 2 min read

Competency Based Education (CBE)

EdSpero teaching desk
Sinhala and English medium

Competency Based Education (CBE) යනු සිසුන් යම් නිශ්චිත දක්ෂතා (Skills) හෝ සංකල්ප (Concepts) ප්‍රගුණ කළ පසුව පමණක් ඉදිරියට යන නවීන ඉගෙනුම් ප්‍රවේශයක්.

සාම්ප්‍රදායික කාලය මත පදනම් වෙච්ච ව්‍යුහයන් ඒ කියන්නේ semester හෝ වයස අනුව ශ්‍රේණි (Grade Levels)—මත විශ්වාසය තබනවා වෙනුවට, CBE අවධානය යොමු කරන්නේ සිසුන්ට ඇත්ත වශයෙන්ම කළ හැකි දේ මත.

මේකෙන් අදහස් කරන්නේ ඉගෙන ගන්නන් තමන්ගේම වේගයකින් ඉදිරියට යනවා වගේ දෙයක්. ඇත්තටම අභියෝගාත්මක අංශ සඳහා වැඩි කාලයක් ගත කිරන එක, ඉක්මනින් අවබෝධ කර ගන්නා මාතෘකා ඔස්සේ වේගයෙන් ඉදිරියට යන්නත් ඉඩ සලස්වනවා. මෙම ඉගැනුම් ක්‍රමයේ ඉලක්කය වන්නේ අන්තර්ගතය ඔස්සේ කඩිමුඩියේ යන එක වෙනුවට, මීළඟ පියවරට යාමට පෙර ගැඹුරු අවබෝධයක් සහ සැබෑ හැකියාවක් සහතික කරන එක.

CBE හි වාසියක් වන්නේ එය ප්‍රායෝගික, සැබෑ ලෝක කුසලතා කෙරෙහි අවධාරණය කිරීමට ප්‍රමුඛතාවය කරගන්නවා. එතනදී සිසුන්ට ඔවුන්ගේ ශක්තීන් හඳුනා ගැනීමට, දුර්වලතා ආමන්ත්‍රණය කිරීමට සහ ස්ථාවර ලෙස වැඩිදියුණු කිරීමට උපකාර වන අඛණ්ඩ ඇගයීම් සහ සවිස්තරාත්මක ප්‍රතිපෝෂණක්ද (detailed feedback) ලැබෙනවා

මෙම පුද්ගලීකරණය කළ ඉගෙනුම් මාර්ගය අධ්‍යාපනය ඵලදායී ක්‍රියාවලියක්. හරියට ගත්තොත් පන්තිකාමර වලදී ඉගෙනගන්න අරගල කරන ලමයි වෙනුවෙන් අවධානය දෙන වැඩක්.

අවසානයේ ප්‍රතිඵලයක් ලෙස ගත්තම, CBE උසස් අධ්‍යාපනයට, වෘත්තීය ජීවිතයට සහ ජීවිත කාලය පුරා ඉගෙනීමට වඩා හොඳින් සූදානම් වූ සිසුන් බිහි කරවන්න පෙරමුණ ගන්නවා.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account