ඕනෑම දෙයක් හරියට ඉගෙන ගන්නා ක්රමය Feyinman Technique

Feyinman Technique කියන්නේ ඉගෙන ගන්න තියෙන බලගතුම ක්රමයක්. මෙතනදී වෙන්නේ මොකක් හරි සංකල්පයක් පුළුවන් සරලම විදියට පැහැදිලි කරන එක. හරියට ඒ ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට උගන්වනවා වගේ.
නිකන් ගුරුවරයෙක්ව මවාගන්නකෝ. ගුරුවරයෙක්ගේ ක්රියාවලියේදී අමාරු අදහස් පවා පැහැදිලි, තේරුම් ගන්න ලේසි භාෂාවකට කඩලා, සරල කරන්න ගුරුවරයාට සිද්ධ වෙනවා. ඔය වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ.
සංකල්පයක් එහි තේරුම නැති නොකර සරල කරන්න පුළුවන් නම්, ඒකෙන් පෙන්නුම් කරන්නේ අවබෝධය ශක්තිමත් සහ සම්පූර්ණයි කියන එක.
දැන් හිතන්න පැහැදිලි කරගෙන යද්දී කොහේ හරි නතර වුණොත් ඒ කියන්නේ හිර උනොත් නැත්නම් සංකීර්ණ වචන පාවිච්චි කළොත්, ඒකෙන් කියන්නේ ඔයාට තාම ඒ අදහස සම්පූර්ණයෙන්ම ප්රගුණ කරන්න බැරි වෙලා තියෙනවා කියන එක. ඉතින් ඔයාට බැරි තැන් ටික පැහැදිලිවම අඳුනගන්න පුළුවන් වෙනවා.
මේ ක්රමය ඉතාමත් සාර්ථකයි, මොකද ඒක ඉගෙනීම කියන එක නිෂ්ක්රීයව කියවනවා වෙනුවට ක්රියාශීලීව හිතන එකක් බවට පත් කරනවා.
පැහැදිලි කරනකොට, අපේ මොළය ඒ තොරතුරු ආපහු සංවිධානය කරනවා, සම්බන්ධතා ශක්තිමත් කරනවා, සහ පරතරයන් පුරවනවා. ඔයා පැහැදිලි කිරීම නැවත සංශෝධනය කරලා වැඩි දියුණු කරනකොට, ඒ සංකල්පය ඊටත් වඩා පැහැදිලි වෙලා, මතක තියාගන්න ලේසි වෙනවා.
මේ පැහැදිලි කිරීමේ සහ නිවැරදි කිරීමේ චක්රය නැවත නැවත සිද්ධ වෙනකොට, දිගු කාලීන මතක තබා ගැනීම වැඩි දියුණු වෙනවා. ඒ වගේම, සැබෑ අවස්ථාවලදී ඒ දැනුම විශ්වාසයෙන් යුතුව යොදවන්නත් පුළුවන් වෙනවා
අවසානයේදී, feyinman ක්රමය උදව් කරන්නේ අමාරු මාතෘකා සරල විදියට තේරුම් අරගෙන වේගයෙන් ඉගෙන ගන්න වගේම දිගු කාලයක් මතක තියාගන්න.
Everything here is free
No subscription, no paywall. A free account only saves what you have read.
Create a free account