Back to articles
Icons & Innovators3 Sept 2026 · 2 min read

Hatshepsut

EdSpero teaching desk
Sinhala and English medium

ඊජිප්තුවේ බල කණුව Cleopatra ද?

ක්ලියෝපැට්රාටත් කලින් ඊජිප්තුව පාලනය කරපු කාන්තාව ගැන තමයි මේ කියන්න යන්නේ.

සාමාන්‍යයෙන් ඊජිප්තුවේ බලගතුම කාන්තාව කිව්වම අපිට මතක් වෙන්නේ ක්ලියෝපැට්රානේ. හැබැයි ඇයට අවුරුදු 1,500කට විතර කලින් ඊජිප්තුව පාලනය කරපු තවත් ප්‍රබල කාන්තාවක් හිටියා. ඇය තමයි Hatshepsut.

Hatshepsut ඉපදුණේ 18 වෙනි රාජවංශයේ රාජකීය පවුලක. මුලින්ම ඇය පාලනයට සම්බන්ධ වුණේ ඇගේ පුංචි පුතා වෙනුවෙන් භාරකාරියක් විදිහටයි. හැබැයි ඇය එතනින් නතර වුණේ නැහැ. ඇය කවදාවත් නොවුණු දෙයක් කළා ඒ තමයි ඇය තමන්වම ඊජිප්තුවේ Pharaoh රජතුමා විදිහට ප්‍රකාශයට පත් කරගත්තා. ඒ කාලේ ඒ තනතුර තිබුණේ පිරිමින්ට විතරයි.

පිරිමින්ට මුල්තැන දෙන සමාජයක තමන්ගේ බලය තහවුරු කරගන්න ඇය හරි අපූරු දෙයක් කළා. ඇය නිර්මාණය කරපු පිළිම වල ඇය පෙනී සිටියේ Pharaoh රජවරුන් පළඳින කෘතිම රැවුල සහ පිරිමි ඇඳුම් ඇඳගෙන. ඇය මේක කළේ රවට්ටන්න නෙවෙයි, ඊජිප්තු වැසියන් එදා පිළිගත්ත "බලය" කියන ප්‍රතිරූපයට ගැලපෙන්න.

අනිත් රජවරු යුද්ධ ගැන හිතද්දී, Hatshepsut අවධානය යොමු කළේ රටේ ස්ථාවරත්වයට සහ දියුණුවට. ඇය විදේශ රටවල් එක්ක වෙළඳාම දියුණු කළා. විශේෂයෙන්ම Punt දේශයට ගවේෂණ කණ්ඩායම් යවලා රත්තරන්, ඇත්දළ වගේ වටිනා දේවල් ගෙනාවා. ඒ වගේම ඇය දැවැන්ත ගොඩනැගිලි නිර්මාණය කළා. ඇය වෙනුවෙන් හදපු Deir el-Bahari දේවස්ථානය අදටත් ලෝක ප්‍රසිද්ධ නිර්මාණයක්.

ඇය මියගිය පසු ඇ‍යගේ පිළිම විනාශ වීම සහ සෙල්ලිපි වලින් ඇයගේ තොරතුරු මකා දැමීම සිදුවෙන්න පටන් ගත්තා. ඉතිහාසඥයෝ හිතන්නේ ඊළඟට ආපු පිරිමි පාලකයෝ ඇයගේ උරුමය මකලා දාන්න හැදුවා කියලා. හැබැයි මොනවා කළත් ඉතිහාසය හැමදාම හංගන්න බැහැ.

නවීන පුරාවිද්‍යා ගවේෂණ හරහා ලෝකය නැවතත් Hatshepsut ගැන දැනගත්තා. ඇය අවුරුදු 20කට වඩා වැඩි කාලයක් පාලනය කළා. ඒක ඒ කාලේ හිටපු බොහෝ පිරිමි Pharaoh රජවරුන්ට වඩා වැඩි කාලයක්. ඇය පෙන්නලා දුන්නා බලය පතුරවන්න යුද්ධම ඕන නැහැ කියලා; බුද්ධිය සහ නිවැරදි සැලසුම් තිබුණොත් රටක් දියුණු කරන්න පුළුවන් කියලා.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account