තලේ*බාන්ට අභියෝග කල පුංචි කෙල්ල

බය කියන දේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය පාලනය කරපු කාලෙක, එක තරුණ ගැහැණු ළමයෙක් තමන්ගේ හඬ අවදි කරන්න තීරණය කළා. ඒ ආයුධවලින්වත් බලපුළුවන්කාරකමෙන්වත් නෙවෙයි.
වචනවලින්.
ඇගේ නම "මලාලා යුසෆ්සායි"
මලාලා හැදී වැඩුණේ පාකිස්ථානයේ ස්වැට් නිම්නයේ. ඒක කඳුවලින් වට වුණු හරිම ලස්සන පළාතක්. පුංචි කාලේ ඉඳන්ම ඇය ඉගෙනගන්න ගොඩක් ආස කළා. ඇගේ තාත්තා පාසලක් පවත්වාගෙන ගිය කෙනෙක්. ඒ නිසා අධ්යාපනය කියන දේ ඇගේ ජීවිතයේ ප්රධාන කොටසක්. හැබැයි තලේ*බාන් සංවිධානය මේ ප්රදේශයේ බලය අල්ලගන්න පටන් ගත්තට පස්සේ හැමදේම වෙනස් වුණා.
තලේ*බාන් සංවිධානය හරිම දැඩි නීති රීති දාන්න පටන් ගත්තා.
සංගීතය තහනම් කළා. මිනිස්සුන්ට ප්රසිද්ධියේ දඬුවම් කරන එක සාමාන්ය දෙයක් වුණා. අන්තිමේදී, ගැහැණු ළමයින්ට පාසල් යන එකත් තහනම් කරමින් ගැහැණු ළමයින්ගේ පාසල් විනාශ කරලා දැම්මා. මුළු නිම්නය පුරාම බය පැතිරිලා ගියේ මේ විදියට.
ගොඩක් අය කිසිම දෙයක් නොකියා නිශ්ශබ්දව හිටියා. හැබැයි මලාලා නිශ්ශබ්ද වුණේ නැහැ. වයස අවුරුදු 11ක් වගේ පුංචි කාලෙදීම, ඇය ගැහැණු ළමයින්ගේ අධ්යාපනයේ වටිනාකම ගැන ප්රසිද්ධියේ කතා කරන්න පටන් ගත්තා.
තලේබාන් පාලනය යටතේ ගෙවන ජීවිතය ගැන ඇය රහසිගතව දිනපොත් සටහන් පවා ලිව්වා. ඇගේ පණිවිඩය හරිම සරලයි:
"ගැහැණු ළමයින්ට ඉගෙනීමට ඇති අයිතිය"
ඇගේ හඬ හැමතැනටම පැතිරෙන්න ගත්තා වගේම, ඇයට තිබුණු අනතුරත් වැඩි වුණා. 2012 ඔක්තෝබර් 9 වෙනිදා හැමදේම උඩුයටිකුරු වුණා. ඇය පාසල් බස් රථයෙන් ආපහු ගෙදර එමින් ඉන්නකොට, තලේ*බාන් තුවක්කුකරුවන් බස් එක නතර කරමින් මලා සොයන්න පටන් ගන්නවා.
ඊළඟ මොහොතේ ඔහු කලේ වෙඩි තබන එක.
මලාලාගේ හිසට වෙඩි වැදුණා. මේ ප්රහාරයෙන් මුළු ලෝකයම කම්පා වුණා.
ගොඩක් අය හිතුවේ ඇය ජීවත් වෙන එකක් නැහැ කියලා.
හැබැයි මලාලා ජීවිතය බේරගත්තා. වැඩිදුර ප්රතිකාර සහ සුවය ලැබීම සඳහා ඇයව එක්සත් රාජධානියට රැගෙන ගියා. මේ ප්රහාරය ගැන පුවත මුළු ලෝකය පුරාම ලැව්ගින්නක් වගේ පැතිරුණා. එකපාරටම මිලියන ගණනක් මිනිස්සු ඇගේ කතාව ගැන දැනගත්තා.
සුවය ලැබුවට පස්සේ මලාලා නිශ්ශබ්ද වුණේ නැහැ.
ඇගේ හඬ තවත් ශක්තිමත් උනා. අධ්යාපනය, මානව හිමිකම්, ලෝකය පුරා ඉන්න ගැහැණු ළමයින්ට සම අයිතිවාසිකම් ලැබීම ගැන ඇය දිගටම හඬ නැඟුවා.
2014 අවුරුද්දේදී මලාලාට නොබෙල් සාම ත්යාගය හිමි වුණා. වයස අවුරුදු 17ක් වගේ පුංචි වයසකදී, ඇය ඉතිහාසයේ ලොව ළාබාලතම නොබෙල් ත්යාග ලාභියා බවට පත් වුණා.
පාකිස්ථානයේ පාසල් බස් රථයක ඉඳන් ලෝකයේ තියෙන ලොකුම වේදිකාවකට ඇය ගමන් කළා. මලාලාගේ කතාව ඇයට විතරක් සීමා වුණු එකක් නෙවෙයි. එයින් නියෝජනය උනේ
-
බයට එරෙහිව නැඟී සිටින ධෛර්යය
-
මර්දනයට එරෙහිව අධ්යාපනය
-
ප්රචණ්ඩත්වයට එරෙහිව බලාපොරොත්තුව
තලේ*බාන් සංවිධානය හැදුවේ එක ගැහැණු ළමයෙකුගේ හඬ සදහටම නැති කරලා දාන්න. හැබැයි ඒ වෙනුවට, ඔවුන් කළේ ඇගේ පණිවිඩය මුළු ලෝකයටම තවත් හයියෙන් ඇහෙන්න සලස්වපු එක.
ප්රතිරෝධය පෙනවන්න උණ්ඩම අවශ්ය නෑ. වචන වලට පුළුවන්.
මොකද වචන උණ්ඩ වලට වඩා ශබ්දෙකින් යුල්තයි.
In a time when fear ruled the daily lives of people, a young girl named Malala Yousafzai decided to raise her voice—not with weapons, but with words.
Malala grew up loving education in Pakistan's beautiful Swat Valley, where her father ran a school. Education was central to her life. However, when the Taliban seized control, they enforced strict laws, banning music and eventually destroying girls' schools, plunging the valley into silence and fear.
At just 11 years old, while many remained quiet, Malala started speaking publicly about the right of girls to learn, writing secret diary entries about life under their rule. Her message was simple: "The right of girls to learn".
As her influence grew, so did the danger. On October 9, 2012, a Taliban gunman shot her in the head on her school bus, an attack that shocked the entire world.
Many thought she wouldn't survive, but Malala made a miraculous recovery in the UK. This attack spread her story like wildfire, bringing her message to millions globally. Upon recovery, her voice became even stronger. She continued to fiercely advocate for education, human rights, and equal rights for girls worldwide.
In 2014, at just 17, Malala was awarded the Nobel Peace Prize, becoming the youngest recipient in history.
From a Pakistani school bus to the world's biggest stage, Malala’s journey represents courage against fear, education against oppression, and hope against violence. The Taliban tried to silence one girl, but they only succeeded in making her message heard louder. Words are indeed louder than bullets.
Everything here is free
No subscription, no paywall. A free account only saves what you have read.
Create a free account