Back to articles
History & Heritage3 Sept 2026 · 3 min read

පණිවිඩයකින් ඇවිලුණු මහා යුද්ධය

EdSpero teaching desk
Sinhala and English medium

1937 ජූලි 7 වෙනිදා රෑ, බීජිං නගරයට එපිටින් තියෙන Marco Polo පාලම අසලින් වෙඩි හඬවල් ඇහෙන්න ගත්තා. මුලින්ම ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි වගේ තමයි පෙනුණේ. හමුදා පුHඋණුවක්, වෙඩි උණ්ඩ කිහිපයක් සහ අතරමං උන සොල්දාදුවෙක් හරහා තමයි මේ ගැටුම පටන් ගන්නේ.

පැය කිහිපයක් යද්දී පාලනය කරගන්න බැරි විදිහට දේවල් වැරදිලා ගියා. ඒක යුද පිටියේ වුණු වැරද්දකට වඩා, පණිවිඩ හුවමාරුවේ වුණු ලොකු වැරද්දක්. ඒකෙන් මුළු ආසියාවේම අනාගතය වෙනස් වුණා.

ඒ කාලේ ජපන් හමුදාව චීන සීමාවට කිට්ටුවෙන් පුහුණුවීම් කරමින් හිටියා. මේ අතරතුර එක ජපන් සොල්දාදුවෙක් අතුරුදහන් වුණා. ජපන් අණදෙන නිලධාරියා චීන පාලනයේ තිබුණු නගරයට ඇතුළු වෙලා ඒ සොල්දාදුවව හොයන්න අවසර ඉල්ලුවා.

චීන පාර්ශවය ඒකට පොඩ්ඩක් පසුබට වුණා. මොකද ඒ වෙනකොටත් දෙගොල්ලන් අතර තිබුණේ ලොකු සැකයක් සහ නොසන්සුන්කමක්. ඔන්න ඔය අතරේ තමයි පණිවිඩ එහා මෙහා වෙන්න ගත්තේ.

චීන සහ ජපන් නිලධාරීන් අතර සාකච්ඡා සිද්ධ වුණේ හරිම කලබලෙන්. ඒකට පරිවර්තකයන් වගේම භාගෙට ලැබුණු තොරතුරුත් බලපෑවා. මේ පණිවිඩ ඉහළ නිලධාරීන්ට වාර්තා වෙද්දී, ඒවයේ තිබුණු ස්වරය පොඩ්ඩක් වෙනස් වුණා.

'පරීක්ෂාකාරී වෙන්න' කියලා කියපු දෙයක් 'අකීකරුකමක්' වගේ ඇහුණා.

'පොඩ්ඩක් ඉවසන්න' කියලා කියපු දෙයක් 'ප්‍රතික්ෂේප කිරීමක්' වගේ පෙනුණා.

දෙපැත්තම හිතුවේ අනිත් පැත්ත යුද්ධයකට ලෑස්ති වෙනවා කියලා. පහුවෙනිදා උදේ වෙද්දී දෙපැත්තටම අතිරේක හමුදා ගෙන්නන්න පටන් ගත්තා.

පොඩි සිදුවීමකින් ඉවර වෙන්න තිබුණු දෙයක් ලොකු යුද්ධයක් බවට පත්වුණා. සති කිහිපයක් යද්දී මේ සටන බීජිං නගරයෙන් එහාට පැතිරුණා. මේක දෙවැනි චීන-ජපන් යුද්ධයේ ආරම්භය වුණා වගේම, පස්සේ කාලෙක ආසියාවේ දෙවැනි ලෝක යුද්ධයටත් මේක ලොකු පදනමක් වුණා. මේ නිසා මිනිසුන් බොහෝ ප්‍රමාණයකට තමන්ගේ ජීවිත අහිමි වුණා. මේ හැමදේම පටන් ගත්තේ පුංචි පටලැවිල්ලකින්:

ඉතිහාසඥයෝ අදටත් විවාද කරනවා මේක අහම්බෙන් වුණු දෙයක්ද නැත්නම් ඕනෑකමින්ම කරපු දෙයක්ද කියලා. හැැබැයි එක දෙයක් පැහැදිලියි: ඕනෑම නරක තත්වයක් තවත් දරුණු කරන්න වැරදි පණිවිඩ හුවමාරුවකට පුළුවන්. නොසන්සුන් වෙලාවකදී වචන කියන්නේ තොරතුරු විතරක් නෙවෙයි, ඒකෙන් තමන්ගේ අදහස ගැනත් ලොකු ඉඟියක් දෙනවා. ඒ අදහස වැරදියට තේරුම් ගත්තොත්, හිතාගන්න බැරි වේගයකින් ගැටුම් ඇවිලෙන්න පුළුවන්.

යුද්ධ හැමතිස්සෙම පටන් ගන්නේ ලොකු කතාවලින් හෝ නිල ප්‍රකාශවලින් නෙවෙයි. සමහර වෙලාවට ඒවා පටන් ගන්නේ: වැරදියට පරිවර්තනය වුණු වාක්‍යයකින්, වැරදියට තේරුම් ගත්ත ස්වරයකින්, ප්‍රමාද වුණු පිළිතුරකින්.

1937 දී චීනයේ ඒ ගල් පාලම ළඟදී වුණු ඒ වැරදි වැටහීම මහා විනාශයකට මුල පිරුවා.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account