Back to articles
History & Heritage3 Sept 2026 · 3 min read

සන්නිවේදනයෙන් පාලනය වූ රාජ්‍යය

EdSpero teaching desk
Sinhala and English medium

ඊමේල්, සැටලයිට්, අඩුම ගානේ කඩදාසි පවා ලෝකෙට එන්න ගොඩක් කාලෙකට කලින්, එක පැරණි අධිරාජ්‍යයක් අදටත් ලෝක බලවතුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසඳුමක් හොයාගත්තා.

ඒ තමයි, "කොහොමද ඉතා වේගයෙන් විශාල දුරක් හරහා තොරතුරු හුවමාරු කරගන්නේ?" කියන එක.

මේකට උත්තරය ලැබුණේ අතීත පර්සියාවෙන්.

පර්සියානු අධිරාජ්‍යය උපරිම මට්ටමේ තියෙද්දී, ඒක ඉන්දු නිම්නයේ ඉඳන් මධ්‍යධරණී මුහුද දක්වා විහිදුණු, ලෝකයේ එතෙක් බිහිවුණු විශාලතම අධිරාජ්‍යයක් වුණා. මේක පාලනය කරනවා කියන එක හමුදාවෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට තොරතුරු ගොඩක් වැදගත් වුණා. අණපනත්, අනතුරු ඇඟවීම්, බදු වාර්තා, හමුදා පණිවිඩ—මේවා ලැබෙන්න පොඩ්ඩක් හරි පරක්කු වුණොත්, පාලකයා ඒ ගැන දැනගන්න කලින්ම කැරලි කෝලාහල සාර්ථක වෙන්න ඉඩ තිබුණා.

මේ ප්‍රශ්නය විසඳන්න පර්සියානුවන් ඉතිහාසයේ තිබුණු දියුණුම සන්නිවේදන ජාලයක් නිර්මාණය කළා. ඒක තමයි Royal Road.

මේ පාර කිලෝමීටර් 2,500කට වඩා දිගයි. අධිරාජ්‍යයේ ප්‍රධාන නගර ඔක්කොම මේකෙන් සම්බන්ධ වුණා. හැබැයි රහස තිබුණේ පාරේ නෙමෙයි. රහස තිබුණේ ඒ පාර පාවිච්චි කරපු විදිහේ.

එකම පණිවිඩකරුවෙක් මුළු ගමනම යනවා වෙනුවට, පර්සියානුවන් relay ක්‍රමයක් හැදුවා. එතනදී වෙන්නේ නිශ්චිත දුර ප්‍රමාණයන් වලින් පණිවිඩකරුවන් නවත්තන එක. පණිවිඩය මාරු වෙන්නේ එක්කෙනෙක්ගෙන් තවත් එක්කෙනෙක්ට. කිසිම හේතුවක් නිසා මේ පණිවිඩකරුවන්ගේ අඩුවක් හෝ මේ relay එකට බාධාවක් සිද්ධ වෙන්නේ නැ.

මුළු අධිරාජ්‍යය හරහාම පණිවිඩයක් යවන්න ගත වුණේ දින කිහිපයක් විතරයි. සති ගණන් නෙමෙයි. පොඩ්ඩක් හිතලා බලන්න, සාමාන්‍ය සංචාරකයෙක්ට මේ ගමනට මාස ගණනක් යනවා.හැබැයි පර්සියානු පණිවිඩකරුවන්ට ගියේ ඉතාම පොඩි කාලයක්. ඒ කාලයේ හැටියට මේක ලෝකේ තිබුණු අතිශය විප්ලවීය, වේගවත් සහ සංවිධානාත්මකම ක්‍රමයයි.

මේ ක්‍රමය නිසා කැරලිවලට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න, ඈත පළාත්වල ඉන්න හමුදා මෙහෙයවන්න, නීති රීති හැමතැනම එක විදිහට ක්‍රියාත්මක කරන්න වගේම විවිධ ප්‍රදේශ ඉතා කාර්යක්ෂමව පාලනය කරන්නත් පර්සියානු පාලකයින්ට පුළුවන් වෙනවා.

වේගය කියන්නේ පණිවිඩයක් යවන එක විතරක් නෙමෙයි, ඒක මුළු අධිරාජ්‍යයම පාලනය කරන "බලය" වුණා. අද වර්ථමානයත් මේ වගේම තමයි. තාක්ෂණය එකතු උනාට හරය එකමයි.

තාක්ෂණය වෙනස් වුණාට, ඒ ප්‍රතිපත්තිය වෙනස් වුණේ නැහැ.

පර්සියානු සන්නිවේදන ක්‍රමය ඇල්ගොරිතම හෝ විදුලිය මත පදනම් වුණේ නැහැ.

ඒක පදනම වුණේ, නිවැරදි සැලසුම්කරණය, යටිතල පහසුකම්, විනය සහ මිනිස් ජාලයන් කෙරෙහි තිබුණු විශ්වාසය මත.

අද කාලේ තියෙන "Send" බොත්තම හෝ Notifications එන්න ගොඩක් කාලෙකට කලින්, පණිවිඩයක වේගයෙන් ලෝකය පාලනය කරපු හැටි ඇත්තටම පුදුම සහගතයි.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account