Pomodoro technique
විභාග කල් ගිහින් තියෙන්නේ. A/L විභාගයට මුහුන දෙමින් සිටි බොහෝ දරුවන් ව්යසනයෙන් පීඩාවට පත් වෙලා. නමුත් කෙසේ හෝ අපි මේ තත්වයට මුහුන දෙන්න ඕනේ. විභාග පැවැත්වෙන දිනයක් වකවානුවක් තවමත් කියන්න පුළුවන්කමක් නැහැ. ඒත් අපිට විභාගෙන් ගැලවෙන්න පුළුවන්කමකුත් නැහැ. ඒ කියලා මේ ව්යසනය අස්සේ පාඩම් කරන්න ඒ වෙනුවෙන් ඔලුව යොදවන්නත් අමාරුයි. ඉතින් මේ අමාරු වෙලාවේ Pomodoro technique එක ඔයාගේ වැඩ වලට පාවිච්චි කරන්න
මේ Pomodoro Technique එක මේ වෙලාවට, Study කරන්න විතරක් නෙවෙයි, ඔයාගෙ Mental Health එක protect කරගන්නත් හොඳම method එකක්. ඇයි මේ වගේ Stressful කාලෙක මේක වැඩ කරන්නේ කියලා බලමු
-
මේ වෙලාවෙ දිගටම Focus කරන්න ඔයාගෙ මොළයට බැහැ. ඒක සාමාන්යයි! - අර්බුදයක් තියෙනකොට, ඔයාගෙ මොළය ටිකක් "survival mode" එකට යනවා. ඒ කියන්නේ දිග study sessions කරන්න බෑ. ඒත් pomodoro technique එකෙන් ඉල්ලන්නේ විනාඩි 25ක් විතරයි. විනාඩි 25ක පොඩි effort එකක්. ඊට පස්සෙ break එකක්. මේකෙන් Mental Pressure එක අඩු වෙනවා, burn out නොවී වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්.
-
පොඩි ජයග්රහණ ලොකු Motivation එකක් දෙනවා - ඔයා complete කරන හැම Pomodoro (විනාඩි 25) එකක්ම මොළයට පොඩි Dopamine boost එකක් දෙනවා — ඒ කියන්නේ "reward chemical" එකක්. මේ වගේ stressful කාලෙක motivation එක තියාගන්න ඔයාගෙ මොළයට ඕනෙම දේ තමයි මේ වගේ පොඩි victories.
-
. විධිමත් රටාවක් දීමෙන් Anxiety එක අඩු කරනවා. - එලියේ තියෙන අවිනිශ්චිතතාවයෙන් ඔයාව මුදවලා ඔයාගේ වැඩ වලට පොඩි රිද්මයක් මේකෙන් අරගෙන එනවා. විනාඩි 25ක් වැඩ විනාඩි 5ක් විවේකය. මේක රිද්මයක්. මේක පුරෝකථනය කරන්න පුළුවන් රටාවක්. ඒකෙන් ඔයාට මහන්සිය අඩු කරවලා ඔයාට නැති වෙලා තියෙන එක අරගෙන එනවා.
-
Distractions අස්සෙත් මේ එක වැඩ - මේ වෙලාවේ වටපිටාව කාලගෝට්ටියක් වගේ. කරන්ට් එක යනවා, ගෙදර අය සද්දෙන් කතා කරනවා, ටීවී වල පෙන්නන ඒවා බලන්න අමාරු වෙනවා ඔය වගේ ගොඩක් ප්රශ්න ඔය අස්සෙත් ඔයාට පුළුවන් පොඩි විනාඩි 25ක් හරි යොදවන්න. අඩුම ඔයා මොනවාහරි කරනවා කියලා ඔයාට දැනෙනවා.
-
මානසික විඩාව වළක්වනවා - මේ වටපිටාවේ තියෙන ප්රශ්නය ඔයාට තේරෙනවා. මේක හරිම අවිනිශ්චිත තත්වයක්. වැඩි වෙලාවක් වැඩ කරන්න ඔයා මනසට බලකිරීමම ඔලුවට දෙන වදයක්. එහෙම උනාම ඔයාටම දැනෙනවා හරි මූසල හැඟීමක්. මේ විඩාවෙන් ඔයාව මුදවලා වැඩ කරන්න මනස හදවන්න මේක හොඳ ක්රමයක්.
මේ වගේ කාලෙක, Perfect Productivity එකට වඩා, දිගටම කරගෙන යන Progress එක වටිනවා. ජාතික අර්බුදයක් වෙලාවක ඔයාගෙන් superhero කෙනෙක් වෙන්න කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වෙලාවේ ඔයාගෙ goal එක පැය 8ක් study කරන එක නෙවෙයි. ඔයාගෙ goal එක වෙන්න ඕනා, හෙමින් වුණත්, දිගටම කරගෙන යන එක. Pomodoro technique ඒක කරගෙන යන්න උදවු කරනවා.
Everything here is free
No subscription, no paywall. A free account only saves what you have read.
Create a free account