Back to articles
History & Heritage3 Sept 2026 · 3 min read

pompeii

EdSpero teaching desk
Sinhala and English medium

ක්‍රිස්තු වර්ෂ 79 අවුරුද්දේ සාමාන්‍ය දවසක්. රෝමයේ පොම්පේයි නගරය වෙනදා වගේම හරිම කාර්යබහුලයි. හැමෝම තමන්ගේ ලෝක වල සාමාන්‍ය විදියට වැඩ ටික කරමින් හිටියේ. ඒත් ඒක තමයි තමන්ගේ ජීවිතේ අවසාන "සාමාන්‍ය" උදෑසන කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ.

නගරයට කිලෝමීටර් කීපයක් එහායින් තිබුණේ "වෙසුඩියස්" කන්ද. එතකොට හිටපු මිනිස්සුන්ට ඒක නිකම්ම නිකම් කන්දක් විතරයි, ගිනි කන්දක් නෙමෙයි. මොකද ඒක සියවස් ගාණක් නිහඬවයි තිබුණේ. ඉතින් පොඩි පොඩි වෙවුලීම් දැනුණත්, කවුරුත් ඒක ඒ තරම් ගණන් ගත්තේ නැහැ.

කිසිම අනතුරු ඇඟවීමක් නැතුව වෙසුඩියස් කන්ද එකපාරටම පුපුරා ගියා. අළු සහ ගෑස් කිලෝමීටර් 20ක් විතර උඩට විසිවුණා. නගරය උඩට ගල් සහ අළු වැස්සක් වගේ වැටෙන්න ගත්තා. ගොඩක් අය හිතුවේ ගෙවල් ඇතුළට වෙලා හිටියොත් බේරෙන්න පුළුවන් කියලා. සමහරු පැනලා යන්න හැදුවා. හැබැයි ඉස්සරහට එන්න තියෙන බයානකම දේ ගැන ඒ කවුරුත් දැනගෙන හිටියේ නැහැ.

පැය ගාණක් යද්දී ගිනි කන්දේ සැර වැඩි වුණා. වේගයෙන් දුවන අශ්වයෙක්ටත් වඩා වේගයෙන්, අතිශය රත්වුණු අළු සහ විස වායූන් කන්දෙන් පහළට ගලාගෙන ආවා. මේවයේ රස්නය සෙල්සියස් අංශක සිය ගණනක් වැඩියි.

මිනිස්සුන්ට බේරෙන්න වෙලාවක් තිබුණේ නැහැ.

සමහරු තමන්ගේ දරුවන්ව බදාගෙන හිටියා.

සමහරු මූණ වහගත්තා.

සමහරු හිටපු තැනම ගල් වුණා.

දවසක් යන්නත් කලින්, මුළු නගරයම මීටර් 6ක් විතර යටට අළු වලින් වැහිලා ගියා. පොම්පේයි නගරය ලෝක සිතියමෙන් අතුරුදන් වුණා.

අවුරුදු 1,700ක් යනකම් මේ නගරය ලෝකයට රහසක් වෙලා තිබුණා. පුරාවිද්‍යාඥයෝ මේක හොයාගත්තම හරිම පුදුම හිතෙන දෙයක් දැක්කා. අළු තට්ටුව ඇතුළේ මිනිස් සිරුරු දිරාපත් වෙලා හැදුණු හිස් අවකාශයන් තිබුණා. ඒ හිස්තැන් වලට ප්ලාස්ටර් (ඵ්ලස්ටෙර්) වක්කරලා බැලුවම, ඒ මිනිස්සු මැරෙන මොහොතේ හිටපු විදිහ ඒ විදිහටම දැකගන්න ලැබුණා.

ඒවා පිළිම නෙමෙයි, කලාවකුත් නෙමෙයි. ඒ හිටියේ සැබෑ මිනිස්සු. කාලය ඇතුළේ හිරවුණු මිනිස්සු.

පොම්පේයි කියන්නේ නිකම්ම විනාශ වුණු නගරයක් නෙමෙයි. ඒක හරියට කාලය නතර වුණු තැනක් වගේ. එදා පාවිච්චි කරපු ගෙවල්, බිත්තිවල ලියපු දේවල්, කෑම බීම, උපකරණ—මේ හැමදේම ඒ විදිහටම ආරක්ෂා වෙලා තිබුණා. ඒක අතීතය ගැන අපිට ලැබුණු ලොකුම තෑග්ගක්.

අද පොම්පේයි අපිට මතක් කරලා දෙන්නේ එක දෙයයි: ඉතිහාසය කියන්නේ හැමදාම හෙමින් හෙමින් වෙනස් වෙන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට, එක රැයකින් හැමදේම නතර වෙලා යන්න පුළුවන්.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account