Back to articles
Child Psychology3 Sept 2026 · 1 min read

විභාග කාලසීමාවේදී දරුවන්ට ඇතිවන මානසික පීඩනය අවම කරගන්නා ආකාරය

EdSpero teaching desk
Sinhala and English medium

ඉතින් මේ ප්‍රශ්න වලට කරන්න පුලුවන් විසදුම් මොනවද?

මානසික විවේකයකය කියන කාරනාව ඉතාම වැදගත් දෙයක්.පාඩම් කරලා විවේකයක් ලැබෙන වෙලාවෙදි ෆෝන් එක පාවිච්චි කරන්නෙ නැතුව සින්දුවක් අහන්න,ටිකක් එළිමහනෙ ඇවිදින්න වගේ දේවල් කරන්න.

හොද නින්දක් ලබාගැනීමත් ඉතාමත් වැදගත්.ඉගෙන ගත් කරුනු මොලයට හොදින් ග්‍රහනය කරගැනීමත් , මනසට වගේම ශරීරයට හොඳ විවේකයකුත් නින්ද නිසා ලැබෙනවා.

පොඩිකාලෙ ඉඳලම දරුවන්ට ජයග්‍රහනය වගේම පරාජයත් දරාගන්න පුරුදු කරන එක හරිම වැදගත්.එමඟින් දරුවන්ට විභාගයට මුහුන දෙන්න ඇතිවෙන බිය අඩුකරනවා වගේම "ෆේල් උනොත් ජීවිතේම ඉවරයි "කියන ආකල්පයත් නැති වෙලා යනවා.

ඉතින් දෙමව්පියන් විදියට ඔබත් ඔබේ දරුවගෙන් ලකුනු ගැන විතරක් අහන්නෙ නැතුව එයාලට මහන්සිද?සතුටින්ද ඉන්නෙ?වගේ දේවලුත් අහන්න.

මේ විදියට වැඩ කලොත් දරුවන්ට ඇතිවන Anxiety, Depression වගේ තත්ව අවම කරගන්න පුලුවන්.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account