Back to articles
Smart Learning Techniques3 Sept 2026 · 9 min read

Sleep and Education

EdSpero teaching desk
Sinhala and English medium

නින්ද අහිමි වීම සහ අධ්‍යාපනය කෙරෙහි එහි බලපෑම

ඉගෙනීම, මතකය, අවධානය සහ හැඟීම් පාලනය වැනි අධ්‍යාපනික සාර්ථකත්වයට අත්‍යවශ්‍ය සාධක සඳහා නින්ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. සිසුන්ට ගුණාත්මක නින්දක් නොලැබෙන විට ඔවුන්ගේ ඉගෙනීමේ හැකියාව, සාන්ද්‍රණය (Concentrate) සහ පන්ති කාමරයේ ක්‍රියාකාරිත්වය සැළකිය යුතු ලෙස පහත වැටෙනවා. අධ්‍යාපන පීඩනය, ජංගම දුරකථන සහ තිර භාවිතය මෙන්ම අවිධිමත් කාලසටහන් නිසා කුඩා දරුවන්, නව යොවුන් දරුවන් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර නින්ද අහිමි වීම වර්තමානයේ බහුලව දකින්න පුළුවන්.

අවධානය සහ සාන්ද්‍රණය (Attention and Concentration)

නින්ද අහිමි වීම අධ්‍යාපනයට බලපාන ප්‍රධානම ආකාරයක් වන්නේ අවධානය සහ සාන්ද්‍රණය දුර්වල කිරීමයි. නින්ද මදකම නිසා සිසුන්ගේ උද්‍යෝගය අඩුවීම, ප්‍රතිචාර දැක්වීමේ වේගය අඩුවීම සහ පාඩම්වලට අවධානය යොමු කිරීම අපහසු වීම සිදුවනවා. නින්ද අහිමි වූ සිසුන්ගේ අවධානය පහසුවෙන් වෙනතකට යොමුවන අතර, ගුරුවරුන් ලබා දෙන උපදෙස් පිළිපැදීමට අපහසු වීමත්, පන්තියේ උගන්වන වැදගත් කරුණු මගහැරී යාමත් සිදු විය හැකියි. කාලයක් තිස්සේ මෙය සිදුවීමෙන් විෂය කරුණු අවබෝධ කරගැනීමේ ගැටලු සහ අඩු ලකුණු මට්ටම් ඇති විය හැකියි.

මතකය සහ ඉගෙනීම (Memory and Learning)

නින්ද අහිමි වීම මතකය සහ ඉගෙනුම් ක්‍රියාවලියටත් තදින්ම බලපානවා. විශේෂයෙන්ම ගැඹුරු නින්ද සහ REM නින්ද අතරතුර මොළය විසින් දවල් කාලයේ ඉගෙනගත් තොරතුරු තැන්පත් කිරීම සහ තහවුරු කිරීම (Consolidation) සිදු කරනවා.

නින්දට බාධා වූ විට හෝ ප්‍රමාණවත් නින්දක් නොලැබුණු විට මේ ක්‍රියාවලිය අසම්පූර්ණ වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන්ට පාඩම් කළ දේ මතක තබා ගැනීම සහ විභාගවලදී සංකීර්ණ සංකල්ප භාවිතා කිරීම අපහසු විය හැකියි. ගණිතය, විද්‍යාව සහ භාෂා ඉගෙනීම වැනි සංකීර්ණ විෂයයන්වලදී මෙම බලපෑම විශේෂයෙන්ම දැකගත හැකියි.

හැඟීම් සහ හැසිරීම් පාලනය (Emotional Regulation)

නින්ද මදකම නිසා ඇතිවන තවත් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ හැඟීම් පාලනය සහ හැසිරීම්වල සිදුවන වෙනස්කම්. නින්ද අඩු වූ විට කේන්ති යෑම, ආතතිය සහ කාංසාව වැඩි වන අතර, ඉගෙනීමේ බර සහ සමාජීය අභියෝගවලට මුහුණ දීම සිසුන්ට අපහසු වෙනවා. කුඩා දරුවන් තුළ අධික්‍රියාකාරීත්වයක් (Hyperactivity) හෝ චර්යාත්මක ගැටලු දැකිය හැකි අතර, යොවුන් දරුවන් තුළ ඉගෙනීමට ඇති උනන්දුව අඩුවීම සහ විෂාදය වැනි ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මෙය පන්ති කාමරයේ කටයුතු සඳහා ඔවුන්ගේ සහභාගීත්වය අඩු කිරීමට හේතු වෙනවා.

අධ්‍යාපනයට බාධා කරන නින්දේ ආබාධ (Sleep Disorders)

නින්ද අහිමි වීම සහ නින්දේ ආබාධ අතර ළඟ සම්බන්ධයක් පවතිනවා. 'ඉන්සොම්නියා' (Insomnia) හෙවත් නින්ද නොයාමේ රෝගය නිසා දහවල් කාලයේ තෙහෙට්ටුව සහ මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවීම සිදු විය හැකියි. 'ස්ලීප් ඇප්නියා' (Sleep Apnea) වැනි තත්ත්වයන් නිසා නින්ද අතරතුර හුස්ම ගැනීම බාධා වී නිතර නින්ද කැඩී යනවා. එසේම නව යොවුන් වියේ දරුවන් අතර බහුලව දකින 'ප්‍රමාද වී නින්දට යෑමේ රෝගී තත්ත්වය' (Delayed Sleep Phase Disorder) අධ්‍යාපන කටයුතුවලට බාධා කරනවා. බොහෝ විට මෙම රෝග හඳුනා නොගැනීම නිසා සිසුන් අලස, අවධානයක් නැති හෝ උනන්දුවක් නැති අය ලෙස වැරදියට හංවඩු ගැසෙන්න පුළුවන්.

දිගුකාලීන අධ්‍යාපනික බලපෑම (Long-term Impact)

දිගුකාලීනව නින්ද අහිමි වීම අධ්‍යාපන ජයග්‍රහණවලට ඉතා අහිතකරයි.

දිගින් දිගටම නින්ද නොලබන සිසුන්ගේ විභාග ලකුණු අඩුවීම, පාසල් නොපැමිණීම සහ පාසලෙන් අස්වීමේ අවදානම වැඩි බව පෙනී ගොස් තිබෙනවා. සැලසුම් කිරීම, ගැටලු විසඳීම සහ තීරණ ගැනීම වැනි උසස් අධ්‍යාපනයට සහ ස්වයං අධ්‍යයනයට අවශ්‍ය මොළයේ සංකීර්ණ ක්‍රියාකාරීත්වයන්ට මෙය හානි කරනවා.

යහපත් නින්දක් ලබා ගැනීම (Sleep Hygiene)

යහපත් නින්දේ පුරුදු ඇති කර ගැනීමෙන් අධ්‍යාපන මට්ටම ඉහළ නංවා ගත හැකියි. සති අන්තයේ පවා නියමිත වෙලාවට නිදාගැනීම සහ අවදි වීම තුළින් ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව පාලනය කරගත හැකියි. නින්දට පැයකට පෙර ජංගම දුරකථන භාවිතය නතර කිරීම සහ නිදාගන්නා පරිසරය අඳුරු, නිශ්ශබ්ද සහ සුවපහසු ලෙස තබා ගැනීම අත්‍යවශ්‍යයි. රාත්‍රියට කැෆේන් අඩංගු පාන වර්ග සහ බර ආහාර ගැනීමෙන් වැළකීම ද සිසුන්ට පහසුවෙන් නින්ද ලබා ගැනීමට උදව් වෙනවා.

දැනුවත්භාවය සහ මැදිහත් වීම

දෙමව්පියන්, ගුරුවරුන් සහ පාසල් මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්. නින්ද අහිමි වීමේ ලක්ෂණ හඳුනා ගැනීම, අවශ්‍ය විටෙක අධ්‍යාපනික පීඩනය ලිහිල් කිරීම සහ යහපත් නින්දේ පුරුදු ප්‍රවර්ධනය කිරීම ඔවුන්ට කළ හැකියි. යම් දරුවෙකුට නින්දේ ආබාධයක් ඇතැයි සැක කෙරේ නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මගින් එම දරුවාගේ නින්ද මෙන්ම අධ්‍යාපනයද සාර්ථක කරගත හැකියි.

අවසාන වශයෙන් කිවහොත්, නින්ද අහිමි වීම සිසුන්ගේ අවධානය, මතකය, හැඟීම් පාලනය සහ අධ්‍යාපනික දක්ෂතා අඩාල කරන ප්‍රබල සාධකයක්. නින්දේ ගැටලු විසඳීම සහ යහපත් පුරුදු ඇති කිරීම දරුවන්ගේ ඉගෙනීමට සහ යහපැවැත්මට අත්‍යවශ්‍ය පියවරක්. ගුණාත්මක නින්දක් යනු හුදෙක් සුඛෝපභෝගී දෙයක් නොව, සාර්ථක අධ්‍යාපනයකට අත්‍යවශ්‍ය අඩිතාලමක් ලෙස සැලකිය යුතුයි.

Sleep plays a vital role in learning, memory, attention, and emotional regulation, all of which are essential for academic success. When students do not get enough quality sleep, their ability to learn, concentrate, and perform well in educational settings is significantly affected. Sleep loss is increasingly common among children, adolescents, and even university students due to academic pressure, screen use, irregular schedules, and lifestyle habits.

One of the most important ways sleep loss affects education is through impaired attention and concentration. Lack of sleep reduces alertness, slows reaction time, and makes it difficult for students to focus during lessons. Sleep-deprived students are more easily distracted, struggle to follow instructions, and may miss key information presented in class. Over time, this leads to gaps in understanding and lower academic performance.

Sleep loss also has a strong impact on memory and learning. During sleep—especially deep sleep and REM sleep—the brain processes and consolidates information learned during the day. When sleep is shortened or disrupted, this consolidation is incomplete. As a result, students may find it harder to remember what they studied, apply concepts, or perform well in exams. This effect is particularly significant for complex subjects such as mathematics, science, and language learning.

Another major consequence of sleep deprivation is its effect on emotional regulation and behavior. Poor sleep increases irritability, stress, anxiety, and mood swings, making it harder for students to cope with academic demands and social interactions. Younger children may show hyperactivity or behavioral problems, while adolescents may experience low motivation, emotional withdrawal, or depressive symptoms. These emotional challenges can interfere with classroom participation and overall school engagement.

Sleep loss is also closely linked to several sleep disorders that are relevant to education. Insomnia can cause difficulty falling or staying asleep, leading to daytime fatigue and reduced cognitive performance. Sleep apnea, which involves repeated breathing interruptions during sleep, results in fragmented sleep and excessive daytime sleepiness, affecting attention and memory. Conditions such as restless leg syndrome and delayed sleep phase disorder—common in adolescents—can further disrupt sleep schedules and academic functioning. When these disorders go unrecognized, students are often mislabelled as lazy, inattentive, or poorly motivated.

Long-term sleep deprivation can negatively affect academic achievement and long-term educational outcomes. Students who consistently lack sleep tend to have lower grades, reduced test performance, increased absenteeism, and higher dropout risk. Sleep loss also affects executive functions such as planning, problem-solving, and decision-making, which are critical for independent learning and higher education.

Improving sleep through good sleep hygiene can significantly enhance educational performance. Maintaining a consistent sleep and wake schedule—even on weekends—helps regulate the body’s internal clock. Creating a calm bedtime routine, reducing screen use at least one hour before sleep, and ensuring a dark, quiet, and comfortable sleep environment support better sleep quality. Avoiding caffeine, heavy meals, and intense mental activity close to bedtime also helps students fall asleep more easily.

Encouraging awareness and early intervention is equally important in educational settings. Parents, teachers, and schools can play a role by recognizing signs of sleep deprivation, adjusting academic expectations when necessary, and promoting healthy sleep habits. For students with suspected sleep disorders, timely medical evaluation and support can greatly improve both sleep and learning outcomes.

In conclusion, sleep loss has a profound impact on education by impairing attention, memory, emotional regulation, and academic performance. Addressing sleep disorders and promoting good sleep hygiene are essential steps in supporting students’ learning, well-being, and long-term educational success. Quality sleep should be viewed not as a luxury, but as a foundation for effective education.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account