Back to articles
Smart Learning Techniques3 Sept 2026 · 8 min read

Sleep requirements for age groups

EdSpero teaching desk
Sinhala and English medium

වයස අනුව වෙනස් වන නින්දේ අවශ්‍යතාවය

ශරීරය සහ මොළය වර්ධනය වීමත්, මේරීමත් සහ වයසට යෑමත් සමඟ අපගේ නින්දේ අවශ්‍යතාවයන් ජීවිත කාලය පුරාම වෙනස් වනවා. සෑම වයස් කාණ්ඩයකටම ආවේණික වූ නින්දේ අවශ්‍යතාවයක් පවතින අතර, කායික වර්ධනය, මොළයේ දියුණුව, ඉගෙනීම, චිත්තවේගීය පාලනය සහ සමස්ත සෞඛ්‍යය පවත්වා ගැනීමට එය අත්‍යවශ්‍ය වනවා. මේ නිසා, විවිධ වයස් මට්ටම්වලදී අවශ්‍ය වන නින්ද පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීම, තමන්ට මෙන්ම තම පවුලේ අයටත් නිසි විවේකයක් සහ සෞඛ්‍ය සම්පන්න දිවියක් ලබාදීමට උපකාරී වෙනවා.

අලුත උපන් බිළිඳුන් (මාස 0 - 3)

ජීවිතයේ වැඩිම නින්දක් අවශ්‍ය වන්නේ අලුත උපන් බිළිඳුන්ටයි. සාමාන්‍යයෙන් දිනකට පැය 14ත් 17ත් අතර කාලයක් ඔවුන්ට නින්ද අවශ්‍ය වනවා. ඔවුන්ගේ ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව (Internal body clock) තවමත් සම්පූර්ණයෙන් සැකසී නොමැති නිසා, දිවා රෑ වෙනසක් නොමැතිව කෙටි කාල පරාසයන් ලෙස මෙම නින්ද ලබාගැනීම සිදුවනවා. මොළයේ වේගවත් වර්ධනයට, ස්නායු සම්බන්ධතා ගොඩනැගීමට සහ කායික වර්ධනයට මෙම අවධියේ නින්ද අතිශයින්ම වැදගත්.

ළදරුවන් (මාස 4 - 12)

මේ වයසේ පසුවන දරුවන්ට සාමාන්‍යයෙන් දිනකට පැය 12 සිට 16 දක්වා නින්දක් අවශ්‍ය වනවා. මේ කාලයේදී ශරීරයේ ජෛව රිද්මයන් සැකසීම ආරම්භ වන නිසා රාත්‍රී කාලයේදී දීර්ඝ නින්දක් ලබාගැනීමට ඔවුන් හුරු වනවා. දරුවාගේ චාලක වර්ධනයට (Motor development), මතකය සැකසීමට සහ ප්‍රතිශක්තිය වර්ධනයට මෙම නින්ද උපකාරී වනවා. ළදරු අවධියේදීම නින්ද සඳහා නිශ්චිත දින චර්යාවක් හඳුන්වා දීම යහපත් නින්දේ පුරුදු ඇති කිරීමට වැදගත් වෙනවා.

ඇවිදින වියේ දරුවන් (අවුරුදු 1 - 2)

මෙම දරුවන්ට දිනකට පැය 11ත් 14ත් අතර නින්දක් අවශ්‍යයි. මීට රාත්‍රී නින්ද මෙන්ම දහවල් කාලයේ ලබාගන්නා කෙටි නින්දක් හෝ දෙකක් ඇතුළත් වනවා. භාෂා හැකියාව දියුණු වීමට, හැඟීම් පාලනය කිරීමට සහ කායික වර්ධනයට මෙම වයසේදී නින්ද ඉතා තීරණාත්මකයි. නින්ද අඩුවුවහොත් දරුවන් තුළ නොසන්සුන් බව, අධික්‍රියාකාරීත්වය (Hyperactivity) හෝ අවධානය යොමු කිරීමේ ගැටලු ඇති විය හැකියි.

පෙර පාසල් දරුවන් (අවුරුදු 3 - 5)

පෙර පාසල් වයසේ දරුවන්ට දිනකට පැය 10 සිට 13 දක්වා නින්දක් අවශ්‍ය වනවා. මේ වයසේදී දරුවන් දහවල් නිදාගැනීම ක්‍රමයෙන් අඩු කරන අතර රාත්‍රී නින්ද දීර්ඝ කරගනු ලබනවා. දරුවන්ගේ පරිකල්පනය, ඉගෙනීම සහ සමාජ කුසලතා වර්ධනයට ගුණාත්මක නින්දක් අත්‍යවශ්‍යයි.

පාසල් යන වයසේ දරුවන් (අවුරුදු 6 - 12)

මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට රාත්‍රියට පැය 9ත් 12ත් අතර නින්දක් අවශ්‍යයි. පාසල් අධ්‍යාපන කටයුතු, සාන්ද්‍රණය, මතකය සහ කායික සෞඛ්‍යය සඳහා නින්ද අත්‍යවශ්‍ය සාධකයක්. ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් දරුවන්ගේ අවධානය අඩු වීම, හැසිරීමේ වෙනස්කම් සහ ප්‍රතිශක්තිය දුර්වල වීම සිදුවිය හැකියි. විශේෂයෙන්ම රාත්‍රී නින්දට පෙර ජංගම දුරකථන හෝ රූපවාහිනී තිර භාවිතය සීමා කිරීම මේ වයසේ දරුවන්ට ඉතා වැදගත්.

නව යොවුන් වියේ පසුවන්නන් (අවුරුදු 13 - 18)

තරුණ දරුවන්ට රාත්‍රියට පැය 8ත් 10ත් අතර නින්දක් අවශ්‍ය වුවත්, බොහෝ දෙනෙකුට එය නිසි පරිදි ලැබෙන්නේ නැහැ. යොවුන් වියේදී සිදුවන හෝමෝන සහ ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසා ඔවුන්ගේ නින්දේ රිද්මය ප්‍රමාද වන අතර, ඒ නිසා ඉක්මනින් නින්දට යෑම ඔවුන්ට අපහසු කාර්යයක් වනවා. මානසික සෞඛ්‍යය, තීරණ ගැනීමේ හැකියාව සහ ඉගෙනුම් කටයුතු සඳහා නින්ද ඉතා වැදගත් වන අතර, නින්ද අහිමි වීම අධ්‍යාපන කටයුතු දුර්වල වීමට සහ මානසික ගැටලු ඇති වීමට හේතු විය හැකියි.

වැඩිහිටියන් (අවුරුදු 18 - 64)

වැඩිහිටියන් සඳහා සාමාන්‍යයෙන් දිනකට පැය 7ත් 9ත් අතර නින්දක් නිර්දේශ කෙරෙනවා. යහපත් නින්දක් මගින් කායික සෞඛ්‍යය, මානසික ස්ථාවරත්වය සහ ඵලදායිතාව පවත්වා ගැනීමට හැකි වනවා. දිගින් දිගටම නින්ද අඩුවීම හෘද රෝග, දියවැඩියාව, ස්ථුලතාවය සහ මානසික රෝග ඇතිවීමේ අවදානම වැඩි කරනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් / වයස්ගත පුද්ගලයන් (අවුරුදු 65 සහ ඊට වැඩි)

වයස්ගත වන විටත් දිනකට පැය 7ක හෝ 8ක නින්දක් අවශ්‍ය වුවත්, නින්දේ රටාවන් බොහෝ විට වෙනස් වනවා. ගැඹුරු නින්දේ කාලය අඩුවීම සහ රාත්‍රියට නිතර අවදි වීම සාමාන්‍ය දෙයක් බවට පත්වනවා. එසේ වුවත්, මතකය රැකගැනීමට සහ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම ඔවුන්ට ඉතා වැදගත්.

සාරාංශයක් ලෙස ගතහොත්, ජීවිතයේ විවිධ අවධීන් අනුව ශරීරයේ සහ මනසේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නින්දේ අවශ්‍යතාවයද වෙනස් වනවා. වයසට ගැලපෙන පරිදි නිසි නින්දක් ලබාගැනීම සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට, ඉගෙනීමට සහ දිගුකාලීන යහපැවැත්මට අත්‍යවශ්‍ය වනවා.

Sleep needs change throughout life as the body and brain grow, mature, and age. Each age group has different sleep requirements that support physical growth, brain development, learning, emotional regulation, and overall health. Understanding these age-specific sleep needs helps individuals and caregivers ensure proper rest and recovery at every stage of life.

Newborns (0–3 months) require the greatest amount of sleep, typically between 14 and 17 hours per day. Their sleep is spread across the entire day and night in short periods because their internal body clock is not yet fully developed. Sleep during this stage is essential for rapid brain growth, neural connections, and physical development. Newborn sleep cycles are shorter and include more active sleep, which supports early brain maturation.

Infants (4–12 months) generally need about 12 to 16 hours of sleep per day, including naps. During this stage, sleep becomes more consolidated at night as circadian rhythms begin to form. Adequate sleep supports motor development, memory formation, immune function, and emotional security. Establishing consistent bedtime routines during infancy plays a key role in promoting healthy sleep habits.

Toddlers (1–2 years) usually require 11 to 14 hours of sleep each day. This includes nighttime sleep and one or two daytime naps. Sleep is crucial at this stage for language development, emotional regulation, and physical growth. Toddlers who do not get enough sleep may show increased irritability, hyperactivity, or difficulty with attention and behavior.

Preschoolers (3–5 years) need around 10 to 13 hours of sleep per day. Most children in this age group gradually reduce daytime naps while maintaining longer nighttime sleep. Quality sleep helps support imagination, learning, social skills, and emotional control. Consistent sleep schedules are important to ensure children are alert, focused, and emotionally balanced during the day.

School-aged children (6–12 years) typically require 9 to 12 hours of sleep each night. Sleep during these years is vital for academic performance, concentration, memory, and physical health. Inadequate sleep can affect attention, mood, and behavior, as well as weaken immunity. Regular bedtimes and limited screen exposure before sleep are especially important for this age group.

Adolescents (13–18 years) need about 8 to 10 hours of sleep per night, yet many fail to get enough. Biological changes during puberty shift the natural sleep–wake rhythm to a later time, making it harder for teenagers to fall asleep early. Adequate sleep supports emotional regulation, mental health, learning, and decision-making. Chronic sleep deprivation in adolescents is linked to poor academic performance, mood disorders, and increased risk-taking behavior.

Adults (18–64 years) generally require 7 to 9 hours of sleep per night. Good-quality sleep helps maintain physical health, cognitive performance, emotional stability, and productivity. While individual needs may vary, consistently sleeping too little increases the risk of chronic conditions such as heart disease, diabetes, obesity, and mental health disorders.

Older adults (65 years and above) usually need 7 to 8 hours of sleep, although sleep patterns often change. Deep sleep becomes shorter, and nighttime awakenings become more frequent. Older adults may also experience earlier bedtimes and wake times. Despite these changes, sufficient sleep remains essential for memory, immune function, and overall well-being.

In conclusion, sleep requirements vary significantly across different stages of life, reflecting the changing needs of the body and brain. Ensuring age-appropriate sleep duration and quality is essential for healthy growth, learning, recovery, and long-term health at every age.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account