Back to articles
Smart Learning Techniques3 Sept 2026 · 8 min read

stages of sleep and their functions

EdSpero teaching desk
Sinhala and English medium

නින්දේ විද්‍යාත්මක අවධීන් සහ එහි වැදගත්කම

නින්ද කියන්නේ හුදෙක් එකම ආකාරයකට පවතින විවේකී අවස්ථාවක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම එය රාත්‍රිය පුරා නැවත නැවතත් සිදුවන චක්‍රවලින් (Cycles) සැදුම්ලත් ඉතාම ක්‍රමානුකූල ක්‍රියාවලියක්. මෙම සෑම චක්‍රයක්ම විවිධ නින්දේ අවධීන්ගෙන් (Stages) සමන්විත වන අතර, සෑම අදියරක්ම කායික සෞඛ්‍යය, මොළයේ ක්‍රියාකාරිත්වය, ඉගෙනීම, මතකය සහ මානසික යහපැවැත්ම පවත්වා ගැනීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. අපි නිදාගන්නා පැය ගණන වගේම නින්දේ ගුණාත්මකභාවයත් වැදගත් වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න මේ අවධීන් පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්.

පළමු අදියර: NREM 1 වන පියවර (N1)

මෙය නින්දේ පවතින ඉතාම සැහැල්ලු අවස්ථාව මෙන්ම, අවදි වී සිටීම සහ නින්දට වැටීම අතර පවතින සංක්‍රාන්ති අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකියි. මේ අවස්ථාවේදී මොළයේ ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩුවන අතර, මාංශ පේශි ලිහිල් වීම සහ ඇස්වල චලනය මන්දගාමී වීම සිදුවනවා. මෙම අවධියේ පසුවන අයෙකු ඉතා පහසුවෙන් අවදි කළ හැකි අතර, සමහරවිට හදිසි මාංශ පේශි ගැස්සීමක් හෝ පහතට වැටෙනවා වැනි හැඟීමක් ඇති වීමටත් පුළුවන්. මෙම අදියරේ ප්‍රධාන අරමුණ වන්නේ සිරුර සහ මනස අවදියෙන් ඇති තත්ත්වයෙන් මුදවා නින්ද වෙත රැගෙන යමින්, මොළය ගැඹුරු නින්දකට සූදානම් කිරීමයි.

දෙවන අදියර: NREM 2 වන පියවර (N2)

අපගේ මුළු නින්දෙන් වැඩිම කාලයක් වෙන්වන්නේ මෙම අදියර සඳහායි. මෙහිදී හෘද ස්පන්දන වේගය අඩුවීම සහ ශරීර උෂ්ණත්වය පහළ බැසීම සිදුවනවා. මොළයේ තරංග රටා වෙනස් වී 'Sleep Spindles' සහ 'K-complexes' ලෙස හඳුන්වන විශේෂ රටා පෙන්නුම් කරනවා. මෙම රටා මගින් බාහිර ශබ්ද වැනි බාධාවන් අවහිර කරමින් නින්ද ආරක්ෂා කරන බව විශ්වාස කෙරෙනවා. සරල මතකයන් තහවුරු කිරීමට, ඉගෙනුම් ක්‍රියාවලිය දියුණු කිරීමට සහ ශරීරයේ ශක්තිය ඉතිරි කර ගැනීමට මෙම අවධිය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

තුන්වන අදියර: NREM 3 වන පියවර (N3) හෙවත් ගැඹුරු නින්ද

මෙය 'ගැඹුරු නින්ද' (Deep Sleep) හෝ මන්දගාමී තරංග නින්ද ලෙස හඳුන්වනවා. මෙය නින්දේ ඉතාම ගැඹුරු සහ ශරීරය වඩාත්ම ප්‍රකෘතිමත් කරන (Restorative) අවස්ථාවයි. පටක අලුත්වැඩියාව, මාංශ පේශි වර්ධනය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ වර්ධක හෝමෝන (Growth Hormone) නිකුත් කිරීම සිදුවන්නේ මෙම අවස්ථාවේදීයි. උදෑසන පිබිදෙන විට විඩාවන් නැති වී ප්‍රබෝධමත් බවක් දැනීමට මෙම ගැඹුරු නින්ද අත්‍යවශ්‍ය වන අතර, එය නිසි පරිදි නොලැබීම තෙහෙට්ටුවට, දුර්වල අවධානයට සහ ප්‍රතිශක්තිය හීන වීමට හේතු විය හැකියි.

REM නින්ද (Rapid Eye Movement Sleep)

Non-REM අදියරවලින් පසුව, මොළය REM අවස්ථාවට එළැඹෙනවා. සිහින දැකීම හා දැඩිව සම්බන්ධ වී ඇත්තේ මෙම අවස්ථාවයි. මෙහිදී මොළයේ ක්‍රියාකාරිත්වය බොහෝ දුරට අවදි වී සිටින අවස්ථාවකට සමාන වන නමුත්, සිහිනවලට අනුව ක්‍රියා කිරීම වැළැක්වීම සඳහා මාංශ පේශි තාවකාලිකව අකර්මන්‍ය (Paralyzed) වීමක් සිදුවනවා. නිර්මාණශීලී බව, සංකීර්ණ මතකයන් සැකසීම සහ හැඟීම් පාලනය කිරීම සඳහා REM නින්ද ඉතා වැදගත් වනවා. දවස පුරා ලබාගත් තොරතුරු සංවිධානය කිරීමට සහ චිත්තවේගීය අත්දැකීම් සැකසීමට මොළයට උදව් කරන්නේ මෙම අදියරයි.

මෙම නින්දේ අවධීන් මිනිත්තු 90කට පමණ වරක් චක්‍රීයව පුනරාවර්තනය වනවා. රාත්‍රියේ මුල් භාගයේදී ගැඹුරු නින්ද වැඩිපුර ලැබෙන අතර, අලුයම් කාලයට ආසන්න වන විට REM නින්දේ කාලය දීර්ඝ වනවා. සෞඛ්‍ය සම්පන්න නින්දක් තුළින් ශරීරය මෙම සෑම අදියරක් හරහාම කිහිප වරක් ගමන් කරනවා. යම් හෙයකින් නින්දට බාධා ඇති වුවහොත් හෝ නින්ද අඩු වුවහොත්, ගැඹුරු නින්ද සහ REM නින්ද අහිමි වී කායික හා මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකියි.

අවසාන වශයෙන් කිවහොත්, නින්දේ සෑම අදියරක්ම ශරීරයට විවේකය ලබාදීමේ සිට කායික සෞඛ්‍යය නැවත ඇති කිරීම සහ මතකය හා හැඟීම් ශක්තිමත් කිරීම දක්වා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරනවා. සමබර නින්දක් ලබා ගැනීම අපගේ සමස්ත යහපැවැත්මට සහ දෛනික ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වනවා. යහපත් නින්දක් සඳහා වන පුරුදු අනුගමනය කිරීම මගින් මෙම ස්වභාවික ක්‍රියාවලියේ සම්පූර්ණ ප්‍රතිලාභ ශරීරයට සහ මොළයට ලබා ගත හැකියි. නින්දේ ගුණාත්මකභාවය සහ ශරීරය ප්‍රකෘතිමත් වීම කෙරෙහි බලපාන සාධක, වයස අනුව වෙනස් වන නින්දේ අවශ්‍යතාවය, නින්ද අහිමි වීම සහ අධ්‍යාපනය කෙරෙහි එහි බලපෑම වැනි කරුණු අපි මීලඟ ලිපි වලින් කතා කරමු.

Sleep is not a single, uniform state of rest. Instead, it is a carefully organized process that occurs in repeating cycles throughout the night. Each cycle consists of different stages of sleep, and each stage plays a unique role in supporting physical health, brain function, learning, memory, and emotional well-being. Understanding these stages helps us appreciate why quality sleep is just as important as the number of hours we sleep.

The first stage is NREM Stage 1 (N1), which is the lightest stage of sleep and the transition between wakefulness and sleep. During this stage, brain activity begins to slow down, muscle activity relaxes, and eye movements become slow. People can be easily awakened in this stage and may experience sudden muscle jerks or the sensation of falling. The main function of N1 sleep is to gently guide the body and mind from an alert state into sleep, preparing the brain for deeper stages.

The second stage is NREM Stage 2 (N2), which makes up the largest portion of total sleep time. In this stage, the heart rate slows, body temperature drops, and brain waves show patterns called sleep spindles and K-complexes. These brain patterns are believed to protect sleep by blocking external disturbances such as noise. N2 sleep plays an important role in consolidating simple memories, improving learning, and allowing the body to conserve energy.

The third stage is NREM Stage 3 (N3), also known as deep sleep or slow-wave sleep. This is the deepest and most restorative stage of sleep, characterized by very slow brain waves. During N3 sleep, the body focuses on physical recovery—tissue repair, muscle growth, immune system strengthening, and the release of growth hormone all occur in this stage. Deep sleep is essential for feeling refreshed in the morning, and lack of it can lead to fatigue, poor concentration, and weakened immunity.

After the non-REM stages, the brain enters REM (Rapid Eye Movement) sleep, which is closely associated with dreaming. During REM sleep, brain activity becomes more similar to wakefulness, while most muscles are temporarily paralyzed to prevent acting out dreams. REM sleep is crucial for emotional regulation, creativity, and complex memory processing. It helps the brain organize information, connect ideas, and process emotional experiences from the day.

These stages of sleep repeat in cycles that last about 90 minutes, with deep sleep occurring more in the first half of the night and REM sleep becoming longer toward the early morning hours. A healthy sleep pattern allows the body to move smoothly through all stages multiple times each night. When sleep is disrupted or shortened, certain stages—especially deep sleep and REM sleep—may be reduced, affecting both physical health and mental performance.

In conclusion, each stage of sleep serves a specific and essential function, from easing the body into rest to restoring physical health and strengthening memory and emotions. Balanced sleep that includes all stages is vital for overall well-being, learning, and daily functioning. Prioritizing good sleep habits ensures that the body and brain receive the full benefits of this natural and powerful process.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account