Back to articles
World Knowledge3 Sept 2026 · 3 min read

Small Pox

EdSpero teaching desk
Sinhala and English medium

එළදෙනකුගෙන් ලැබුණු පුදුම ජයග්‍රහණය!

අපේ මානව ඉතිහාසයේ වසංගත රෝගවලට එරෙහිව අපි ලැබූ ලොකුම ජයග්‍රහණයකට මුල් වුණේ සාමාන්‍ය එළදෙනක් නිසා කියලා ඔයා දැනගෙන හිටියාද? වසූරිය රෝගය තුරන් කරපු එන්නතේ කතාව ගැන අපි අද බලමු.

අතීතයේදී "වසූරිය" (smallpox) කියලා දරුණු, මාරාන්තික වසංගත රෝගයක් තිබුණා. කහ සැරව පිරි ගෙඩි මුළු ඇඟ පුරාම හැදෙනවා, බොහෝ විට ඒ නිසා මිනිස්සු අන්ධ වෙනවා, නැත්නම් මැරෙනවා. බේරුණත් සමහර වෙලාවට මුහුණ පුරාම ලොකු කැලැල් ඉතිරි වුණා. වසූරිය වෛරසය (Smallpox virus) යනු විශාල ද්විත්ව දාම DNA (double-stranded DNA) වෛරසයක් වන අතර එය Poxviridae කුලයට අයත් වේ. මෙය ආසාදනය වන්නේ මිනිසුන්ට පමණයි.

ශ්වසන මාර්ගය හරහා ශරීරයට ඇතුළු වන මෙම වෛරසය, රුධිර ප්‍රවාහය ඔස්සේ පැතිර ගොස් සමේ සෛල ආසාදනය කරන අතර, එමඟින් රෝගයට ආවේණික වූ සැරව පිරුණු බිබිලි ඇති කරනවා.

1700 ගණන්වල එංගලන්තයේ, මේ දරුණු රෝගය පැතිරෙමින් තිබුණු කාලේ, බෙන්ජමින් ජෙස්ට් කියලා ගව අභිජනකයෙක් (Cow Breeder) වැදගත් නිරීක්ෂණයක් කළා.

එයාගේ එළදෙනුන්ට සමහර වෙලාවට "ගව වසූරිය" (cowpox) කියලා ලෙඩක් හැදෙනවා. මේකත් දරුණු වසූරිය වගේම තමයි, හැබැයි හානිය අඩුයි. මේ ගව වසූරිය මිනිස්සුන්ට බෝ වුණත් ඒක මාරාන්තික වුණේ නෑ.

ජෙස්ට් දැක්කා එයාගේ කිරි දොවන ගැහැණු ළමුන්ට කලින් ගව වසූරිය වැලදිලා තියෙනවා නම්, කිසිවිටෙකත් මේ දරුණු මනුෂ්‍ය වසූරිය වැලදෙන්නෙ නෑ කියලා! ගව වසූරිය හැදීමෙන් වසූරියට එරෙහිව ආරක්ෂාව (ප්‍රතිශක්තිය) ලැබී ඇති බව පෙනී ගියා.

මේ නිරීක්ෂණය එක්ක ජෙස්ට් තීරණය කළා එයාගේ පවුලේ අයටත් ගව වසූරිය ලබාදීලා ආරක්ෂා කරන්න. හිතන්න, ඒක සාර්ථක වුණා! ඔවුන් කාටවත්ම පස්සේ වසූරිය හැදුණේ නෑ.

අවුරුදු කීපයකට පස්සේ එඩ්වඩ් ජෙනර් කියලා වෛද්‍යවරයෙක් ජෙස්ට්ගේ අදහස ගැන අහලා, ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න ඕන කියලා හිතුවා. ගව වසූරියෙන්, මිනිස් වසූරියෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියන න්‍යාය ඔප්පු කරන්නයි ඔහුට ඕන වුණේ.

ජෙනර් කිරි දොවන ගැහැණු ළමයෙක්ගේ ගව වසූරිය බිබිලකින් සැරව ලබාගෙන පොඩි ළමයෙක්ගේ අතේ කරපු පොඩි කැපුමකට දැම්මා. දවස් කීපයකට පස්සේ ජෙනර් මේ ළමයාට වසූරිය වෛරසය ආසාදනය කරන්න හැදුවත්, ඔහු අසනීප වුණේ නෑ! ජෙස්ට්ගේ පවුලට වගේම, මේ දරුවාගේ ඇඟටත් ලෙඩේට විරුද්ධව සටන් කරන්න "ප්‍රතිශක්තිය" (immunity) ලැබී තියෙනවා කියලා ඔප්පු වුණා.

මේක වෛද්‍ය විද්‍යාවේ අතිශය වැදගත් පියවරක්. මුළු අදහසම ආවේ එළදෙනකින් නිසා, ජෙනර් මේ ක්‍රියාවලියට විශේෂ නමක් දුන්නා: එන්නත (vaccination). මේ නම හැදිලා තියෙන්නේ ගවයාට ලතින් වචනය වෙන vacca කියන වචනයෙන්.

ජෙනර්ගේ සාර්ථකත්වයෙන් පස්සේ, ලෝකේ පුරාම වසූරිය එන්නත් ගොඩක් හදන්න පටන් ගත්තා. මිලියන ගණන් මිනිස්සු එන්නත්කරණයට ලක් වුණා.

මේ දැවැන්ත උත්සාහය නිසා ලොකු ප්‍රතිඵලයක් ලැබුණා! 1980 දී, ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා: වසූරිය සම්පූර්ණයෙන්ම තුරන් කළා කියලා

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account