Usain Bolt

ලොව වේගවත්ම මිනිසා
ලෝකයේ වේගය ගැන කතා කරන විට හැමෝටම මතක් වෙන්නේ එකම නමයි. ඒ උසේන් බෝල්ට්. "ලොව වේගවත්ම මිනිසා" ලෙස විරුදාවලිය ලත් ඔහු, හුදෙක් තරඟ ජයග්රහණය කරනවාට වඩා මිනිස් හැකියාවන්ගේ සීමාවන් කොතෙක්ද යන්න ලොවටම පෙන්වා දුන් පුද්ගලයෙක්.
ජැමෙයිකාවේ කුඩා ගමක සිට ලෝකයේ මුදුනට
යුසේන් බෝල්ට් 1986 දී ජැමෙයිකාවේ ‘ෂර්වුඩ් කන්ටෙන්ට්’ නම් කුඩා පිටිසර ගම්මානයේ උපත ලබනවා. කුඩා කාලයේදී ඔහු මලල ක්රීඩාවට වඩා උනන්දු වූයේ ක්රිකට් සහ පාපන්දු ක්රීඩාවට. නමුත් පාසල් මට්ටමේදී ඔහුගේ අසාමාන්ය වේගය දුටු පුහුණුකරුවන් ඔහුව ධාවන පථයට යොමු කරනවා.
බොහෝ ධාවකයින්ට වඩා බෝල්ට් උසින් වැඩියි. ඔහුගේ උස අඩි 6යි අඟල් 5ක්. ඔහුගේ මෙම උස ධාවනයට බාධාවක් වනු ඇතැයි බොහෝ දෙනා මුලදී සිතුවත්, දැන් එය වැරදි මතයක් බව අපි හැමෝම දන්නවා.
ජයග්රාහී ගමනේ ආරම්භය
පුහුණුකරු ග්ලෙන් මිල්ස්ගේ මඟපෙන්වීම යටතේ බෝල්ට් ජාත්යන්තර තලයට පිවිසෙනවා. ගමනේ මුල් අවධියේදී ආබාධ සහ පසුබෑම් නිසා බොහෝ විචාරකයින් ඔහු ගැන සැක පහල කලත් 2008 වසරේදී සියල්ල වෙනස් වෙනවා.
බීජිං 2008: ලොවක් මවිත කළ මොහොත
2008 බීජිං ඔලිම්පික් උළෙලේදී බෝල්ට් මුළු ලෝකයම මවිතයට පත් කරන්නේ මීටර් 100 තත්පර 9.69ක් ඇථුලත අවසන් කරමින්. නිමාවට පෙර ඔහු ජයග්රහණය සැමරීමට මඳක් වේගය අඩු කළත් වාර්තාවක් තැබීමට සමත් වෙන එකත් මෙහි විශේෂත්වයක්. පසුව ඔහු මීටර් 200 වාර්තාව ද බිඳ දමනවා.
අදටත් නොබිඳුණු ලෝක වාර්තා
2009 වසරේ බර්ලින් නුවර පැවැති ලෝක මලල ක්රීඩා ශූරතාවලියේදී ඔහු සිය උපරිම දක්ෂතා පෙන්නුම් කරනවා
මීටර් 100: තත්පර 9.58 (ලෝක වාර්තාව)
මීටර් 200: තත්පර 19.19 (ලෝක වාර්තාව) මෙම වාර්තා අදටත් නොබිඳී පවතින්නේ ඔහු සිය කාලයට වඩා කොතරම් ඉදිරියෙන් සිටියද කියන එක ලෝකයටම පසක් කරමින්.
"Lightning Bolt" යුගය
බෝල්ට් 2012 සහ 2016 ඔලිම්පික් උළෙලවල් වලදී ද සිය ආධිපත්යය පතුරවනවා. ඔහු ඔලිම්පික් උළෙල තුනකදීම මීටර් 100, 200 සහ 4ං100 සහය දිවීමේ රන් පදක්කම් දිනාගනිමින් අසමසම වාර්තාවක් තබනවා එහිදී ඔහුගේ "Lightning Bolt" ඉරියව්ව මුළු ලෝකයේම අදටත් ප්රසිද්ධයි.
වේගයට වඩා වැඩි යමක්
බෝල්ට්ගේ විශේෂත්වය ඔහුගේ වේගය පමණක්ම නෙමේ. ඔහු ඉතා සැහැල්ලුවෙන් සහ සතුටින් තරඟ කරන ආකාරයත් ඒකෙම කොටසක්. ඔහුගේ දිගු පියවරවල් සහ උපරිම වේගයේදී පවා ඉතා සැහැල්ලුවෙන් සිටීමේ හැකියාව අනෙක් ක්රීඩකයින්ට වඩා ඔහුට වෙනසක් එකතු කරනවා.
විශ්රාම ගැනීම සහ උරුමය
2017 වසරේදී මලල ක්රීඩාවෙන් විශ්රාම ගත් බෝල්ට්, පසුව සංගීතය සහ පාපන්දු වැනි විවිධ ක්ෂේත්රවල අත්හදා බැලීම් කරනවා.
යුසේන් බෝල්ට් යනු හුදෙක් වේගයෙන් දිව ගිය අයෙක් පමණක් නෙමේ; ඔහු මලල ක්රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් කල අයෙක්. වාර්තා බිඳී පදක්කම් පරණ වුවත්, තත්පර 9.58ක කාලය තුළ ඔහු තැබූ ඒ සලකුණ ඉතිහාසයේ සදාකල් රැzදිලා තියේවි.
Everything here is free
No subscription, no paywall. A free account only saves what you have read.
Create a free account