දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක දේශපාලනය

1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වෙද්දී මුළු ලෝකයම තිබුණේ උඩුයටිකුරු වෙලා. නගර විනාශ වෙලා, ආර්ථිකය කඩා වැටිලා, මිලියන ගණනකගේ ජීවිත අනාථ වෙලා තිබුණේ. විශේෂයෙන්ම යුද්ධයෙන් පරාජය වුණු ජර්මනිය, ජපානය සහ ඉතාලියට මේක ලොකු දේශපාලනික සහ සමාජීය වෙනසක ආරම්භයක් වුණා.
1945 මැයි මාසයේදී ජර්මනිය යටත් වෙද්දී බර්ලින් වගේ නගර සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා තිබුණේ. ජර්මනිය ආයෙත් කවදාවත් ලෝකයට තර්ජනයක් නොවෙන්න ඇමරිකාව, බ්රිතාන්යය, ප්රංශය සහ සෝවියට් දේශය කියන රටවල් හතර ජර්මනිය පාලන කලාප හතරකට බෙදා ගත්තා.
කාලයත් එක්ක මේ කලාප දෙකකට වෙන් වුණා, ඒ බටහිර රටවල සහය ලැබුණු බටහිර ජර්මනිය සහ සෝවියට් දේශයේ බලපෑම තිබුණු නැගෙනහිර ජර්මනිය විදියට.
මේ බෙදීම 1961 දී ඉදිවුණු බර්ලින් තාප්පයෙන් සංකේතවත් වුණා. ආයෙත් ජර්මනිය එක රටක් වුණේ අවුරුදු 40කටත් වඩා වැඩි කාලයකට පස්සේ, ඒ කියන්නේ 1990 අවුරුද්දේදී.
හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීමෙන් පස්සේ 1945 අගෝස්තු මාසයේදී ජපානය යටත් වුණා. ජපානයේ පාලනය ප්රධාන වශයෙන්ම බාරගත්තේ ඇමරිකාවයි. ඒ කාලයේදී ජපානය තුළ ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වුණා.
ජපානයට අලුත් ව්යවස්ථාවක් ලැබුණා. අධිරාජ්යයා සතු දේශපාලන බලය අඩු කළා. ආයෙත් කවදාවත් යුද්ධ නොකරන බවට ප්රතිපත්තියක් හැදුවා ඒ වගේම යුද්ධයට වියදම් කරනවා වෙනුවට ජපානය තමන්ගේ ආර්ථිකය දියුණු කරන්න අවධානය යොමු කළා. අද ජපානය ලෝකයේ ප්රධානතම ආර්ථික බලවතෙක් වෙලා ඉන්නේ ඒ නිසයි.
මුසෝලිනිගේ පාලනය යටතේ තිබුණු ඉතාලිය 1943 වෙද්දී ගොඩක් දුර්වල වෙලා තිබුණේ. ඒ නිසා පාලනය බිඳ වැටිලා ඔවුන් යුද්ධයේ අවසන් කාලයේදී මිත්ර පාර්ශවයට එකතු වුණා. යුද්ධයෙන් පස්සේ 1946 දී පවත්වපු ජනමත විචාරණයකින් ඉතාලි ජනතාව තීරණය කළා රජ පාලනය අහෝසි කරලා ජනරජයක් පිහිටුවන්න.
මේ යුද්ධය නිසා බ්රිතාන්යය සහ ප්රංශය වගේ පැරණි අධිරාජ්යයන් දුර්වල වුණා. ඒත් එක්කම ආසියාවේ සහ අප්රිකාවේ බොහෝ රටවල් නිදහස දිනාගන්න පටන් ගත්තා. මේ අතරේ ලෝකයේ අලුත් සුපිරි බලවතුන් දෙන්නෙක් බිහි වුණා ඒ ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශයයි.
මේ දෙගොල්ලන්ගේ තරගය නිසා ඊළඟට ඇතිවුණේ "සීතල යුද්ධය" කියන කාලපරිච්ඡේදයයි.
ආයෙත් මේ වගේ ලෝක යුද්ධයක් ඇති නොවෙන්න 1945 දීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටෙව්වා. පරාජය වුණු අක්ෂ බලවතුන්ට මේ පරාජය අලුත් ගමනක ආරම්භයක් වුණා. ඔවුන් අලුත් පාලන ක්රම සහ නව ලෝක භූමිකාවන් එක්ක අළු දූවිලි මතින් නැගිටලා අද පවතින නූතන ලෝකය නිර්මාණය කරන්න දායක වුණා.
Everything here is free
No subscription, no paywall. A free account only saves what you have read.
Create a free account